චර්චිල් ගේ සිගරට් කොටයක් වෙන්දේසියේ

(කොළඹ, ලංකාපුවත්) – හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් විසින් අඩක් “බී” ඉතිරි කල සිගරට් කොටයක් පසුගියදා(11) වෙන්දේසියට පත් කර ඇත.

1947 මැයි 11 වනදා පැරිසීයේ ලා බොගට් ගුවන් තොටුපලේදී බොමින් සිට නිවාදැමුවේ යැයි පැවසෙන මෙම සිගරට්ටුව සෙන්ටිමීටර් 10ක් දිග එකකි. (රූපයේ තිබෙන්නේ එය නොවේ)

අමෙරිකානු ඩොලර් 12,000 ට වෙන්දේසි වූ මෙම සිගරට කොටය පැරිස් ගුවන් හමුදා නිළධාරියකු විසින් පරිස්සම් සහිතව තබාගැනීමෙන් පසුව පරිස්සම් සහිතව ඔහුගේ බිරිඳ වෙත ලබාදී තිබිණ.

වින්ස්ටන් චර්චිල් මහතා 1965 දී මියගිය පසුව මෙම සිගරට් කොටයට බොහෝ වටිනාකම්ක් අත්වි තිබිණ.

මීට අමරතව ඔහු විසින් බී අවසන් කල “වින්ස්ටන් චර්චිල්” යන නම සඳහන් වූ ඔහු වෙනුවෙන්ම නිෂ්පාදිත රූපයේ දැක්වෙන මෙම සිගරට් කොටයද 2015 වසරේදී අමෙරිකානු ඩොලර් 3000 ට වෙන්දේසී වී තිබිණ.(පින්තූරයේ ඉදිරියෙන්ම සිටින්නේ වින්ස්ටන් චර්චිල් මහතාය)

 

‍තොරතුරු – හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *