(කොළඹ, ලංකාපුවත්) –වසර 37ක පාලනය නිමා කරමින් රොබට් මුගාබේ, සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සාමකාමී බල සංක්‍රාන්තියක් වෙනුවෙන් තමන් ස්වෙච්ජාවෙන්ම මේ තීරණය ගත් බව මුගාබේ එරට පාර්ලිමේන්තු කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත. ඒ සමගම ඔහුට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ද නතර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රොබට් මුගාබේගෙන් අනතුරුව හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගාග්වා රටේ නායකත්වයට පත්වනු ඇතැයි, පාලක සානු පී.එෆ. පක්ෂය පවසයි.
නන්ගාග්වාව උප ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය මුල්කර ගනිමින් මේ මස මුල දී සිම්බාබ්වේ රාජ්‍යය බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ පෑවේය. 93 හැවිරිදි මුගාබේ ලොව වයෝවෘද්ධම නායකයා ලෙස සැලකේ.
1980 සිට සිම්බාබ්වේ රාජ්‍යයට නායකත්වය ලබාදුන් මුගාබේගේ ඉවත්වීමත් සමග සිම්බාබ්වේ රාජ්‍යය නව දේශපාලන පරිච්ජේදයකට මුල පුරනු ඇතැයි, විශ්ලේෂකයින් පවසයි.