අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය පිළිබඳ නිවේදනය ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාව සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය විමසීමට ඊයේ (09) හදිසි ඡන්දයක් විමසන ලදී.
මේ පිළිබඳව සභාවේ කැමැත්ත විමසන ලෙස සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
අනුව නිවේදනය ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්ද 127ක් ලැබුණු අතර විපක්ෂව 54ක් ලැබුණි.

ඡන්දය දීමෙන් වැළැකී සිටි සංඛ්‍යාව 11කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *