(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාගයට වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් විභාගය ලියූ සිසුවෙක් පිළියන්දල පාසලකින් අත්අඩංගුවට ගෙන ඇත.
නියම අපේක්ෂකයාගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපය ඇති ස්ථානයේ අදාළ සැකකරුගේ ඡායාරූපය අලවා එය ලැමිනේට් කිරීමෙන් අනතුරුව විභාගය සඳහා ජාතික හැඳුනුම්පත ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.
විභාග අපේකෂකයාගේ මිතුරෙකු මෙලෙස ව්‍යාජ ලෙස විභාගය සඳහා ඉදිරිපත්ව ඇති බව සදහන් ය.
අද(21) පැවති භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමේ දී අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර මීට පෙර පැවති ප්‍රශ්න පත්‍ර 9 න් නාට්‍ය හා රංග කලාව ප්‍රශ්න පත්‍රය හැරුණු විට අනෙකුත් සියලූම විෂයන් සඳහා අදාළ සැකකරු මෙම හැඳුනුම්පත උපයෝගී කර ගනිමින් පෙනී සිට ඇත.
විභාග නිලධාරීන් විසින් සැකකරු පිළියන්ද පොලීසියට බාර දී තිබෙන අතර පිළියන්දල පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලැබේ.