(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සබදතා නව යුගයක උදාව සනිටුහන් කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඊශ්‍රායල අගමැතිවරයා ඉන්දිය නිල සංචාරය ආරම්භ කලේ පසුගිය ඉරිදාය. ඊට ව්‍යාපාරිකයන් 130දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ඇතුලත් වේ.
ඊයේ (15) ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පවත්වන ලදි.
එහිදී දෙරට අතර සයිබර් ආරක්ෂණය, ආරක්ෂාව සහ විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ද්වීපාර්ශවීය ගිවිසුම් කිහිපයකටද එලැඹුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියාව සහ ඊශ්‍රායලය වසර 25ක් තිස්සේ රාජ්‍යත්‍රාන්තික සම්බන්ධතා පවත්වනු ලැබේ.
ඊශ්‍රායලයේ සංචාර කළ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ ද නරේන්ද්‍ර මෝදි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.