සාපෙළ ජයගත් සිසුන්ට ඇමති අකිලගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිපලවලට අනුව තවත් වසර දෙකක් පමණ ගතවන විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කළ හැකි බවට තමන්ට විශ්වාසයක් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (28) නිකුත් කළ 2017 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට සුබ පැතුම් එක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සෑම පාසල් දරුවෙකුම පළමු වසරේ සිට දහතුන වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් පිරිනැමෙන ’13 වසරක සහතික කල අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ නියමු වැඩසටහන යටතේ මේ වසරේ දී 14000කට වෘත්තීක ප්‍රවේශය යටතේ උසස් පෙළ හැදෑරීමට හිමිවන අතර ඉදිරි වසරේ සිට එවැනි සියලුම සිසු සිසුවියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවෙ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *