ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්‍ෂණ චන්ද්‍රිකාව 2020 දී ගුවන්ගත කිරීමේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්‍ෂණ චන්ද්‍රිකාව වසර 2020 දී ගුවන්ගත කිරීමට කටයුතු කරන බව විද්‍යා, තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.

මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික පර්යේෂණ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී පර්යේෂණ 19 ක් එළිදැක්වූ අතර විශිෂ්ට පර්යේෂණ සඳහා දායකත්වය ලබාදුන් විද්වතුන්ට උපහාර පිදීම ද සිදුකෙරුණි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසීය,

” සමාරා විශ්වවිද්‍යාලයේ තමයි ඔය පළවෙනි රොකට් එකේ ඉදලා අද දක්වා රුසියාවේ රොකට් නිර්මාණය කරලා තියෙන්නේ ..අපේ අයත් එක්ක ගිවිසුමකට එළෙබුණා ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා අපි නැනෝ තාක්ෂණයෙන් චන්ද්‍රිකාවක් නිර්මාණය කරනවා…ඉතින් ඒක දැනට නිර්මාණය කිරීමේ සියළු කටයුතු ආත්ර් සී ක්ලාක් ආයතනයෙන් කෙරීගෙන යනවා…අපි බලාපොරොත්තු වෙනවා 2020 වෙනකොට රුසියාවේ සහයෙන් මේ නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරගත්තහම අපිට අවශ්‍ය කාලගුණ විපර්යාසයන් ,කෘෂිකර්මය සඳහා GPS තාක්ෂණය ,ඒවගේ දේවල් සියල්ලම අපිට ඒ තුළින් කරගන්න පුළුවන්කම ලැබෙනවා…ඉතා ක්ෂණිකව ලෝකයේ ඕනෑම තැනක වෙන භූ කම්පනයක් හෝ සුනාමියක් හෝ එවැනි ඕනෑම දෙයක් අපිට ලබාගන්න ඒ හරහා අනිකුත් දියුණු රටවල් සමඟ තාක්ෂණය හුවමාරු කරගන්නත් අවස්ථාව ලැබෙනවා..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *