උඩවලවේ ජලාශ වේල්ලේ ඇත්තේ සියුම් ඉරිතැලීමක්

(කොළඹ, ලංකාපුවත්) –උඩවලවේ ජලාශ වේල්ලේ කිසිදු පිපිරීම් තත්ත්වයක් නොමැති බවත් සියුම් ඉරිතැලීමක් පමණ ඇති බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඇමතිවරයා මේ පව පැවසුමේ උඩවලවජලාශ වේලේ සිදුවී ඇතැයි පවසන ඉරිතැලීම් තත්ත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා අද (18) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,

“ආපදා කලමණාකාරීත්වය යටතේ සිදුවියයුතු වැදගත්ම දේ තමයි ආපදාවක් සිදුවෙන්න කළින් ඒ දේ වලක්වාගැනීම. ඒ නිසා තමයි ආපදා කලමණාකරන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් මම අද උඩවලව වේල්ලේ සිදුවී ඇතැයි පවසන ජල කාන්දුව පිළිබදව සොයාබැලීම සදහා හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වුණේ.

වසර 03කට පසුව තමයි උඩවලව ජලාශයේ මේ ආකාරයෙන් වාන් දොරටු සියල්ලකම විවර කරන්න වෙලා තිබෙන්නේ. වාන් දොරටු අරින මට්ටමට පැමිණි පසු, ඒ අවස්ථාවේදී සිදුකරනු ලබන පරීක්ෂණ වලට සිදුවන බාධාවන් වැලැක්වීම සදහා ඉතාමත් බර වාහන පමණක් ගමන් කිරීම නවත්වන්න සිදුවෙනවා. වාන් දොරටු විවෘතව තබන අවස්ථාවේදී පමණයි මෙසේ ඉතා බර වාහන ගමනාගමනය සීමා කරන්නේ. එහෙම නැතිව වාහන ගමනාගමනය තහනම් කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා මම නැවතවරක් වගකීමෙන් පවසන්නේ, ජනතාවට බිය වියයුතු තත්ත්වයක් හෝ කිසිදු අවදානම් තත්ත්වයක් මෙහි ඇතිවී නැහැ කියලා” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *