(කොළඹ, ලංකාපුවත්) –නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පෙරවරු දහයට දිවුරුම් දීමට නියමිතය.
පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස අද දිවුරුම් දිමට නියමිත ඇමතිවරුන්ට ඊයේ (30) දැනුම් දී තිබුණි.
දැනට ඇමති ධූර දරන ඇමතිවරුන්ගේ විෂයයන්වල වෙනස්කම් සිදු කෙරෙන බවත් රවි කරුණානායක මහතාටද ඇමති ධුරයක් හිමි වන බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සහතික කරයි.
එක්සත් ජාතික පක්ෂයේ දැනට ඇමති ධුර දරන සියලු දෙනාම අද නැවතත් දිවුරුම් දීමට නියමිතව බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලා අස් වූ දහසය දෙනා හැරුණු විට දැනට ඇමතිධූර දරන අය නැවතත් අද දිවුරුම් දීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ඊට අමතරව නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස නව මුහුණු එක් වීමටද නියමිත බවද වාර්තා වේ.
සතියේ කැබිනට් දින රැස්විම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා දිනවල පැවැත්වෙන අතර ඒ අනුව මෙම සතියේ කැබිනට් රැස්විම පැවැත්වෙනුයේ නව කැබිනට් මණ්ඩලයේ සහභාගිත්වයෙනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් දහසය දෙනෙකු සිය තනතුරුවලින් පසුගියදා ඉල්ලා අස් වූ අතර ඒවායේ වැඩ බැලිම සඳහා පසුගිය අප්‍රේල් 12 දා තාවකාලිකව ඇමතිවරුන් පත් කරනු ලැබිණි. විද්‍යානුකූල පදනමකින් නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බවට රජය නිවේදනය කර තිබිණි.