(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ජුනි මස 12 වන දා හමුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ සියලු දෙනා බලාපොරොත්තු වු මෙම හමුව සිංගප්පුරුවේදී ජුනි මස 12 වන දා සිදුවන බවත් ලෝක සාමය සඳහා මෙය විශේෂ අවස්ථාවක් කර ගැනීමට දෙපාර්ශවමය උත්සහ කරන බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් හමුවීමට මෙම වසරේ මාර්තු මස සිදුකළ ආරාධනාවකට අනුව මෙම හමුව සිදුවීමට නියමිතයි.