(කොළඹ, ලංකාපුවත්) – මීගමුව, කටාන, කටුනායක හා කොච්චිකඩේ යන ප්රදේශවල සිදු කළ රන් මාල කොල්ල කෑම් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත දඹලුල් හා කොච්චිකඩේ යන ප්රදේශවල සිදු කළ වැටලීමක දී ඊයේ(30) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර විමර්ශන වලදී මීගමුවේ දී රන් මාල 02ක්, රන් අත්පළදනාවක් හා රන් මුදුවක් කොල්ල කෑම, කොච්චිකඩේ දී රන් මාල 03ක් කොල්ලකෑම, කටාන ප්රදේශයේ දී රන්මාල 03ක්, රන් අත්පළදනාවක් කොල්ල කෑම, ඇතුළු සිද්ධීන් 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 30, 36 හා 42 වයස් සීමාවල පසුවන මැදමහනුවර හා කොච්චිකඩේ ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද(31) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීට නියමිතය. මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.