ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් 82ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ ඊයේ(05) සිදුවූ භූකම්පනයකින් පුද්ගලයන් 82ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම සියයට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කර ඇත.

එහි ප්‍රබලත්වය දැක්වෙන්නේ රික්ටර් පරිමාණ ඒකක 7ක් ලෙසය. මිය ගිය වැඩි පිරිස උතුරුදිග ලොම්බොක් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

භූමිකම්පාවත සමග ඉන්දුනීසියානු ආපදා ඒකකය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, ඉන්දුනීසියාවේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය උතුරු වෙරළ තීරයේ කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටා ඇති බවය. මීට සතියකට පෙර ලොම්බෝක් දූපතේ සිදුවූ ඒකක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් 17 දෙනෙකු මිය ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *