(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ වැසි සහ තද සුළං තත්වය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බව, කාලගුණ නිවේදනයේ සඳහන්ය.
විශේෂයෙන් මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හම පැයට කිලෝමීටර් 70 දක්වා තද සුළං ඇති විය හැකිය.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ මට්ටමක තවදුරටත් පවතී.
මුහුදු ප්‍රදේශවල වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බැවින් විටෙක එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.
ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා සැළකිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දීමක් කරනු ලැබේ