(කොළඹ, ලංකාපුවත්) –නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුර, උතුරු මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ උතුරු අර්ධය හරහා පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා තද සුලං අපේක්ෂා කල හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවති.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙසටත් මුහුදු යාමෙන් වළකින ලෙසටත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.