උතුරේ විපතට පත් ජනතාවට සහන සැලසිමේ විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –අයහපත් කාලගුණයෙන් උතුරේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද(03) පැවැත්වේ. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී ය.

ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් රැසක් පැවැත්වුණි. ඒ මැති ඇමතිවරුන්, ති‍්‍රවිධ හමුදාව, පොලිසිය ඇතුළු අංශ ගණනාවක සහභාගීත්වයෙනි. හානියට පත් දේපළ සඳහා ද වන්දි පිරිනැමීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.

කුඹුරු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය.

උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටි එක් ලක්ෂ 25,000ක පමණ පිරිසක් සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මන්නාරම සහන කඳවුරක තවදුරටත් පවුල් 27කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු රැදී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *