(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුවේ කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියට සම්බන්ධ පරික්ෂණ කමිටු වාර්තාව කතානායක කරු ජයසුරිය මහතාට හෙට(11) භාරදෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. එම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කතානායකවරයා භාරදෙන්නේ නීතිපතිවරයාට ය. ඊට පෙර පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතු බවත් නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශන තවදුරටත් සිදුකෙරේ.
මේ අතර පාර්ලිමේන්තුව අද(10) පෙරවරු 10ට රැස්විය. එහි දී විවාදයට ගැනෙන්නේ සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියාමන සහ යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අයකර ගැනිමේ පනත් කෙටුම් පතයි.