(කොළඹ, ලංකාපුවත්) – චීනයේ උත්තරීතර බලායතනයවන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඊයේ(05) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භවිය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන නායකයෝ සහ 3000කට ආසන්න මහජන නියෝජිතයෝ 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ ආරම්භක උත්සවයට එක්වූහ.
එහිදී චීන අග්‍රාමාත්‍ය ලි කච්‍යං මහතා 2018 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව සහ 2019 වසරේ රාජ්‍ය කාර්යයන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේය.
වසර 2018 චීනයේ විවෘත ක්‍රියාදාමය අංගසම්පූර්ණයෙන්ම පුළුල්වී ඇතැයි එම වාර්තාවේ දැක්විණ. සෙසු රටවල් සමග පොදුවේ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ සංවර්ධනය කරන චීනය එහිදී වැදගත් ප්‍රගතීන් රැසක් දිනාගෙන ඇත.
ඇ.ඩො. බිලියන138.3ක විදේශ ආයෝජන සිදුකළ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ප්රමුඛස්ථානයක සිටී.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ පරිදි, 2018 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.6කින් වර්ධනයවිය. එහි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 90කින්ඉක්මවා ගියේය. නාගරික වැඩිවී ඇති රැකියා අවස්ථා මිලියන 13.61ක් පමණ වෙයි. ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු ජනගහණය මිලියන 13.86කින් අඩුවිය. චීන වැසියන්ගේ එක් පුද්ගල ආදායම සියයට 6.5කින් වර්ධනයවිය.
චීන අග්‍රාමාත්‍ය ලි කච්‍යං මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතවරුන්වෙත ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, වසර 2019යේ චීන රජය පෙරට වඩා විශාල පරිමාණයේ බදු අඩුකිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.
නිෂ්පාදන කර්මාන්ත සහ සුළු ව්‍යාපාරවල බදු පීඩනය අඩු කිරීමට විශේෂ අවධානයක් යොමුවනු ඇත. නිෂ්පාදන කර්මාන්තයේ බදු අනුපාතය සියයට 16 සිට සියයට 13 දක්වා පහල දැමීමට සැරසේ. සියළු කර්මාන්තවල බදුඅනුපාතය අඩුකරමින් ප්‍රධාන කර්මාන්තවල බදු පීඩනය කැපීපෙනෙන ලෙස ලිහිල් කිරීමට පියවර ගැනේ.