අධිකරණයේ ස්වාධීනත්වය ගැන ස්වීට්සර්ලන්තයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ඊයේ (20) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය ,පුහුණුවීම් ,නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම, වැනි කටයුතු සදහා ස්වීට්සර්ලන්ත රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

ස්වීට්සර්ලන්ත රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *