(කොළඹ, ලංකාපුවත්) –පුත්තලමේ, ප්‍රදේශ රැසකට බලපාන ගංවතුර තර්ජනයට සාර්ථකව මුහුණ දීමේ වැඩපිළිවෙලක් ලෙස තවත් පාලමක් ඉදිකිරීමට නියමිතයි. උඩප්පුව හා අඩිමුනෙයි යන ප්‍රදේශ යාකරමින් මේ වන විටත් පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 4850 කි.
වාරිමාර්ග අමාත්‍යංශයට අයත් දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය මත මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි. එමෙන්ම එහි දෙවන ව්‍යාපෘතිය වන්නේ නාත්තණ්ඩිය මැතිවරණ කොට්ඨාශයේ තල්විල ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමයි. පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණ. තල්විල (ක්ලබ් පාර්ම් බේ) පාලමේ ඉදිකිරීම් ලබන 25 දා ආරම්භ කරන බව පාලිත රංගේ බණ්ඩාර මන්ති‍්‍රවරයා පැවසුවේය.
එම ව්‍යාපෘතිය සඳහා වාරිමාර්ග අමාත්‍යංශයට අයත් දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෙන් වී ඇති මුදල රුපියල් ලක්ෂ 4000 කි.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ පුත්තලමේ ප්‍රදේශ ගණනාවක වාර්ෂිකව ඇතිවන මහා ගංවතුර තත්ත්වය සියයට 75 න් පාලනය කිරීමට මෙම පාලම් ව්‍යාපෘති මගින් හැකිවන බවයි.
වසර ගණනාවක් පුරා නිරන්තරයෙන් විපත් ඇති වුවද ගැටළු හදුනාගෙන විසදුම් දීමට හිටපු පාලකයින් හා ආණ්ඩු කි‍්‍රයා නොකළ බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මෙම පාලම් ඉදි කිරීමෙන් පසුව නිවාස හානි, වගා හානි ඇතුළු අලාභහානි අවම වන අතර, අපදා සහන වෙනුවෙන් වැය කරන රුපියල් කෝටි ගණනක මුදලක් වාර්ෂිකව ඉතිරි කිරීමටද හැකිවන බවද පාලිත රංගේ බණ්ඩාර මන්ති‍්‍රවරයා පැවසිය.
පාලමක් ඉදිකර මෝය හරහා ගංවතුර මුහුදට බැහැර කිරීමට අවස්ථාව උදා වේ. ගමනාගමන කටයුතු සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයන් නොමැති වීම හේතුවෙන් ගංවතුර බැස්සවීමට මෝය පළල් කිරීමට අවස්ථාව උදා නොවූ අතර, පාලම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමෙන් ඕනෑම අවස්ථාවක ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් මෝය පළල් කර ගංවතුර බැස යාමට අවස්ථාව සැලසිය හැකි වීම මෙම ව්‍යාපෘතිවල වැදගත්කමයි.