(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට ඊයේ (01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් ඊයේ උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
වර්තමාන ශ්රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්රී ලංකාවට පැමිණි බව මෙහිදී අදහස් දැක්වූ සංචාරකයෝ පැවසූහ.
මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව සීගිරිය, නුවරඑළිය සහ ඇල්ල ආදී ප්රදේශ නැරඹීමට යාමට ද නියමිතය.