(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 21වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අමෙරිකානු නිලධාරිනියක් වූ චෙල්සියා ඩිකමිනාඩා මියගොස් තිබේ.
අමෙරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාවේ රාජකාරිවල නිරත වූ ඇය කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ සිදු වූ පිපිරිමෙන් තුවාල ලබා තිබුණි.
ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් සිංගප්පූරුවට රැගෙන ගොස් තිබුනු අතර ඉකුත් 04වනදා ඇය මිය ගිය බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා ත්රස්තවාදයට එරෙහි සටන අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. එසේම මෙම නිලධාරිය, වාණිජ නීති රෙගුලාසි පිලිබඳ ඉතා දක්ෂ තැනැත්තියක් වේ.
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද චෙල්සියා ගේ අහිමි වීම පිළිබඳ ශෝකය පළ කර ඇත.