(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු හේතුවක් මත කල් නොයන බවත් අදාළ දිනවලදීදි විභාග පැවැත්වීමට විභාග දෙපාර්තුමේන්තුව කටයුතු සූදානම් කරමින් පවතින බවත් විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා පැවසීය.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වාද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදාද පැවැත්වීමට නියමිතය.
මේ වන විට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන නිසා සහ අතිරේක පංති කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන නිසා විභාහ කල් දැමීම අනවශ්‍ය බවත් විභාග කල් යෑම පිළිබඳව සමාජයේ පවතින වැරදි කටකතාවලට නොරැවටී විභාග වෙනුවෙන් සූදානම් වීම අත්‍යාවශ්‍ය බවත් මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් විභාග කොමසාරිස්වරයා පැවසීය.