ට්‍රම්ප්ගෙන් ඉරානයට නව සම්බාධක

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පනවා ඇති බව ඉරානය චෝදනා කරයි.

එහෙත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ නියමුවන් රහිත ගුවන් යානයකට ඉරානය වෙඩි තබා බිම හෙළීම හේතුවෙන් මෙම නව අතිරේක සම්බාධක පැන වූ බවයි. පෙරේදා දිනයේ සිට එම සම්බාධක ක්‍රියාත්මක බව මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය තුළ සිදුවන සියලු කටයුතුවලට අයතුල්ලා අල් කමේනි වගකිව යුතු බව ද ට්‍රම්ප් පැවසීය.

මේ අතර සම්බාධක මගින් කිසිවකු අපහසුතාවට පත් නොකර සාමකාමීව කටයුතු කරන ලෙස ජගත් සංවිධානය ඉරානයෙන් හා අමෙරිකාවෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *