(කොළඹ, ලංකාපුවත්) – මුම්බායි ආසන්නයේ දී ගංවතුරට හසුව දුම්රියක සිර වී සිටි මගීන් 1050 දෙනකු බේරා ගැනීමට ඉන්දියානු බලධාරිහු සමත් වූහ.
වන්ගානි නගරය ආසන්නයේ නවතනු ලැබූ මහාලක්ෂ්මි ශීඝ්රගාමි දුම්රියේ සිටි මගීන් බේරා ගැනීම සඳහා වහාම හෙලිකොප්ටර් යානා, බෝට්ටු හා කිමිදුම්කරුවන් යෙදවීමට ඔවුහු කටයුතු කළහ.
කෙසේ වුවත් පැය 15ක් පුරා ජලය හෝ ආහාර නොමැතිව ඔවුන්ට දුම්රියේ රැඳී සිටීමට සිදු විය.