තායි රජුට ද්‍රෝහිවූ රාජකීය බිරිඳගේ නිලතල ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ වජිරලොන්කෝන් හි රජු විසින් පසුගිය ජුලි මස පත් කළ රාජකීය බිරිඳගේ නිලතල සහ පදවි නාම ඉවත් කර තිබේ. වැරදි හැසිරීම සහ ද්‍රෝහිකම මීට හේතු වී ඇතැයි රජමාලිගය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සීනනාත් වොන්ග්වජිරපක්ඩි බිරිඳගේ හැසිරීම අගෞරවයක් ලෙස සලකන බව අදාළ නිවේදනය සදහන් වේ.

රජු සිය බිරිඳවන සුතීඩා රැජින සමඟ විවාහ වී මාස දෙකකට පසුව සීනනාත් වොන්ග්වජිරපක්ඩි රාජකීය උතුම් බිරිඳ ලෙස නම් කරනු ලැබීය.

41 හැවිරිදි ඇය සිය බලය අභිබවා රජු වෙනුවට නියෝග නිකුත් කර ඇති බව සදහන් වේ. මෙම තත්ත්වයන් මත ඇයගේ සියලු රාජකීය නිලතල, නම්බුනාම, තත්ත්වයන් සහ හමුදා නිළයන් ද ඉවත් කිරීමට රජු නියෝග කර තිබේ.

ඇය හමුදාවේ මේජර් ජෙනරාල් කෙනෙකු, පුහුණුවලත් යුද හමුදා ප්‍රහාරක යානා නියමුවරියක්, හෙදියක් සහ රාජකීය පුද්ගලික ආරක‍්ෂකවරියක් ලෙස ද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *