(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 5800 ක් පමණ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ලංගම ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 12න්ම මෙම බස්රථ ලබා දී ඇති අතර, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මැතිවරණ රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් රැගෙන යාම හා ගණන් කිරීම් අවසන් වීමෙන් අනතුරුව නිලධාරීන් නිවෙස් බලා ප්‍රවාහනය කිරීමට මෙම බස් රථ යෙදවීමට නියමිතයි. මීට අමතරව, පොලිස් නිලධාරීන් ප්‍රවාහනය සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ ඉල්ලුම් කර තිබේ.
එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා අද(14) පස්වරුවේ සිට එය ක්‍රියාත්මක බව ගමනා ගමන මණ්ඩලයේ කාලසටහන් හා සැළසුම් කළමණාකාර රජීව ඩිලුක්ෂ මහතා පැවසීය. අද දිනයේ අතිරේක බස්රථ 60ක් සහ හෙට(15) දිනයේ දී මගීන් වෙනුවෙන් අතිරේක බස්රථ 140ක් පමණ යොදවා ඇත.
ඡන්ද කටයුතු රාජකාරී සදහා බස්රථ 1366ක් පමණ වෙන් කර ඇති බවද රජීව ඩිලුක්ෂ කියා සිටියේය.
ඡන්ද රාජකාරී මෙන්ම මගී ප්‍රවාහනය සදහාද බස්රථ යෙදවීම සමබරව සිදු කරන බව ඔහු පැවසූ අතර විශේෂයෙන්ම අධිවේගී මාර්ගවලද වෙනදාට වඩා අඩු කාල සීමාවක් තුළ වැඩි බස්රථ සංඛ්‍යාවක් යෙදවීම ද සැලසුම් කර ඇත. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමග එක්ව මෙම කටයුතු සිදු කරනු ලැබේ.