(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකතන පසෙක තබා කෑම මේසයට වාඩි වෙන්නැයි ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසති.
එතුමා පවසන්නේ ඔවුනොවුන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත්, වැඩ කරන ලෙසත් සන්නිවේදනය කරන ලෙසත් ය. අපගේ පවුලේ සාමාජිකයින් සමග සන්නිවේදනය කිරීම නැවත ආරම්භ කළ යුතු බව පාප් වහන්සේ සඳහන් කරති. ජංගම දුරකතනය නිසා පවුල් අතර සබඳතා බිඳී ගොස් ඇති බව ද දේව මෙහෙයක දී මෙන් කෑම මේසය නිශ්ශබ්ද නමුත් ඔවුනොවුන් අතර සන්නිවේදනයක් සිදු නොවීම යහපත් ලක්ෂණයක් නොවන බව ෆ්රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති.
එතුමා මේ බව ප්‍රකාශ කළේ ශාන්ත පීතර චතුරශ්‍රෙය් පැවති වසරේ අවසාන ඉරු දින දේව මෙහෙයට රැස්ව සිටි අති විශාල බැතිමතුන් අමතමිනි.