මැනිලා ගුවන් තොටුපල වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ.

ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව පීලිපිනයේ ගිනිකදු සහ භුකම්පන පිලිබද වූ ආයතනය සදහන් කරයි.

අදාළ ප්‍රදේශය අවට ජීවත්වු දහස් සංඛ්‍යාත වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට එරට බලධාරින් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද ලෙස ටාල් ගිනිකන්ද සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *