අද වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –වරක් නොව දෙවරක්ම ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහි කළේ රාජපක්ෂවරුන් බව හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කරයි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා (07) ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, කුරිරු ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් රට බේරාගත්තේ රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් බවත් අද වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට සුරක්ෂිත රටක් බිහිකර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජනතාව තුල ඇතිවූ බිය හා සැකය නැති කොට සුරක්ෂිත රටක් ගෝඨාභය රාජපක්ෂ මහතා බිහි කරනු ඇති බවට ජනතාව තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබූ අතර ඒ සදහා බහුතර ජනතාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබාදුන් අතර එම විශ්වාසය ඒ ආකාරයෙන්ම ඉටු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ඉදිරි වසර පහක කාලය එළබී ඇත්තේ රට සංවර්ධනය කොට ජනතාවට සෞභාග්‍යමත්‍ දේශයක් ගොඩ නැගීමේ ඉලක්කය ජය ගැනීමයි. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *