සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 5000සේ සීමාව ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකය පළමුවරට ඒකක 5000සේ සීමාව අද (22) ඉක්මවා ගොස් තිබේ.

කොළඹ කොටස් හුවමාරුව පැවසුවේ මාස 03 කට පසු දර්ශකය පළමු වරට මෙම සීමාව ඉක්මවා ගිය බවයි. කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර වී තිබූ කොටස් වෙළඳපොළ ගනුදෙනු යළි ආරම්භ වීමෙන් පසු එහි ප්‍රකෘතිමත්වීමක් මෙමගින් සලකුණු කෙරේ.

සමස්ත දර්ශකය දිනය අවසන දී ඒකක 65කින් ඉහළ ගොස් 5055.57ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.31ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

කොටස් වෙළදපොළ ප්‍රධානතම සමාගම් විස්ස නියෝජනය කරන එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.81කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව සියයට 3.24ක වර්ධනයක් සලකුණු කරමින් එය දිනය අවසන දී සටහන් වූයේ 2226.34ක් ලෙසයි. කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ඉක්ම විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *