ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රටට ඇඳිරි නීතිය පැනවීම මේ මෙහොතේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් නොමැති බවත් යම් ගැටළුවක් පැන නැගුනොත් ඊට අවශ්‍ය අයුරින් පියවර ගන්නා බවයි.

මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කොරෝනා වෛරස පොකුරෙන් රෝගීන් 532ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කලේ එලෙස වාර්තාවූ පුද්ගලයින් ගෙන් 25 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයින්ගේ නිවෙස් වල පුද්ගලයින් වන බවයි.

නව කොරෝනා වෛරසයේ රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිදු පුවතක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් සෑම තොරතුරක්ම ජනතා දැනුවත් කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරත් සමග PCR පරීක්ෂණ 3000ක් සිදුකොට එහි ප්‍රථිපල ලැබී ඇති බවත් ඉදිරියේදී දිවයිනේ ස්ථාන රැසක දී PCR පරීක්ෂණ සිදුකරනු ලබන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *