(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ හට දෙවන වරටත් කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ යළිත් වරක් කොවිඩ් පරික්ෂණයට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
බ්‍රසීල් අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත.
බොල්සොනාරෝ වෛරසයේ අවදානම මුල සිටම අවතක්සේරු කරමින් ක්‍රියා කළ අයෙක් ලෙස සැලකේ.