අමෙරිකාවෙන් සෑම මිනිත්තුවකට වරක් කොරෝනා මරණයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙවෙන සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 150,000 ඉක්මවා ගොස් තිබෙන බවද සඳහන්වේ.

අමෙරිකාවෙන් ඊයේ මරණ 1,461 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය මැයි 27 වනදා වාර්තා වූ මරණ 1,484 න් පසු එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කැලිෆෝනියාවේ මරණ 185 ක්ද, ෆ්ලොරිඩාවේ 217 ක්ද, ටෙක්සාස් හි අවම වශයෙන් මරණ 311 ක්ද වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *