(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
මෙම රැස්වීම පස්වරු 3.30 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර , පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්රතිසංවිධාන කටයුතු පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකරන බවද වාර්තා වේ.