බන්ධනාගාර කොරෝනා පාලනයට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර තුළ පැතිර යන කොවිඩ් 19 පාලනය කිරීම සදහා දේශීය ඖෂධ භාවිතා කිරීමට දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත දේශීය ඖෂධ තොගයක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (19) දින පරිත්‍යාග කළේය.

සුව ධරණී ප්‍රජා ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතිය යටතේ ලබාදී ඇති මෙම ඖෂධ බන්ධනාගාර රැදවියන්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩිකිරීම සදහා ප්‍රයෝජනවත්විය හැකි බවත් මෙම වෛරසයයේ රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාරයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රම පිළිබදව අදවන විට අවධානය යොමුව තිබෙන බවත් එබැවින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබදවත් විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යතුමාගේ සහයෝගයත් අගය කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පැවසුවාය.

දේශීය වෛද්‍ය ක්‍රමයේ පර්යේෂණ කොට තහවුරු ලද නිර්දේශිත දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ බන්ධනාගාර කොවිඩ් පාලනයට යොදා ගැනීමටත් දිගුකාලයක් තිස්සේ භාවිතා කරන ලද සුදර්ශනය ඖෂධය ලබාදීමටත් අද කටයුතු කල බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කරන ලදි. අද දින ලබාදුන් මෙම ඖෂධයන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා වෙත එම මොහොතේ ලබාදීමට කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *