(කොළඹ, ලංකාපුවත්) – දිවයියනේ සියලුම පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි 15වන සදුදා දින ආරම්භ කරන බව දහම්පාසල්, පිරිවෙන් හා භික්‍ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
කොවිඩ් – 19 වසංගත රෝග ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ මගින් ලබා දෙන උපදෙස්, චක්‍රෙල්ඛ හා නීතිරීති පිළිපදිමින් පිරිවෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද සදහන් කෙරේ.