(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අද (09) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරේ.
මගීන්ගේ පහසුව උදෙසා අද සිට අතිරේක දුම්රිය ගමන් වාර 21ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුර ගමන් සේවා සංවිධාන කර තිබේ.
මේ අතර දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සංඛ්‍යාව වැඩිකර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.
මීට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ සංඛ්‍යාව ද උත්සව සමයේ ඉහළ නංවා ඇති බව ගමනාගමන කොමිසම සඳහන් කළේය.