ඇමති ශෙහාන්ගෙන් විජේදාසට උපදෙසක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතාට ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු නෙවී රටක් සෑදිය නොහැකි බවත් ඒ මහතා බලාපොරොත්තු වන පරිදි ජනාධිපති පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ දිනක විජේදාස රාජපක්ෂ මහතාට තමන්ගේ ඇගිල්ලේ තරම දැනගත හැකි බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීය.

“කිසිම ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක් කොහොමද රටක ප්‍රථිපත්තියක් හදන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. තමන්ට අරමුණක් තියෙන්න ඕනේ. තමන්ගේ අරමුණ අනිත් සියලු දෙනාම වල පල්ලට දාලා රටත් වලපල්ලට දාලා ජනාධිපති වෙන්න හදන එකනම් ඒක කොහොමද වෙන්නේ. ඉස්සෙල්ලාම ජනාධිපතිවරයා හෝ තනතුරක් ලැබීමටන්ම් ප්‍රධාන සුදුසුකම වන්නේ තමන් ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයෙක් වෙන්න ඕන එකයි. තමන් ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයෙක් නොවී කොහොමද රටක් හදන්න යන්නේ. අඩුම ගානේ එතුමට පුලුවන් වුනාද එතුමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රීකය තුළවත් ප්‍රථිපත්තිමය වෙනසක් සිදු කරන්න.“

“එතුමා පොඩි කාලයක් ආණ්ඩුවක ඉන්නවා. එතනින් තරහා වෙනවා. ඇමතිකම අතහරිනවා. අතහැරලා ආපහු එතුමාම ගිහින් වැදලා ඇමතිකම ගන්නවා. ඊට පස්සේ ආපහු බලපෙරලියකදී බලය ලබා ගන්න පක්ෂයට මාරු වෙනවා. ඊට පස්සේ ඒතන ඇතුලේ තනතුරු නොලබුණාම අනිත් තැනට යනවා. ඒ නිසා ඉස්සෙල්ලාම එතුමාට එහෙම සියුම් බලාපොරොත්තුවක් හරි තියෙනවානම් එතුමා අද පටන් ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *