(කොළඹ, ලංකාපුවත්) –පසුගිය සති අන්තයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලංකා බැංකුව සමඟ ඒකාබද්ධව ඔක්තෝබර් 20 වන දින සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමට නියමිත වෛද්‍යවරුන් සඳහා “යහපත් සීමාවාසිකයා වැඩමුළුව” සාර්ථකව Zoom තාක්ෂණය ඔස්සේ සිදු කළේය.
එහි සමාරම්භක උළෙල සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලකා සින් මහත්මිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සම්මානනීය මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය විසින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම “යහපත් සිමාවාසිකයා වැඩමුළුව” ඇගයීමට ලක් කළ අතර මෙම වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව ආසියාතික රටවලට මෙන්ම අනෙකුත් රටවල් සඳහා හඳුන්වා දීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට කැමැත්ත පලකරන ලදී.
මෙම යහපත් සීමාවාසිකයා පුහුණු වැඩමුළුවේ දෙවන අදියර ලෙස එළඹෙන සති අන්තයේ දී, එනම් ඔක්තෝබර් 10 වන ඉරු දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමට නියමිත සියලු වෛද්‍යවරුන් සඳහා විශේෂ කොවිඩ් ප්‍රතිකාර පුහුණු වැඩමුළුවක් Zoom තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වීමට නියමිත ය.