විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු 01වනදා සිට නැවත ඇරඹීමට අවසර

(ලංකාපුවත් | කොළඹ) –විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අදියරෙන් අදියර ලබන පළමුවනදා සිට නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කලේ අදාළ දින තීරණ කිරීමේ බලය එක් එක් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරුන්ට පවරා ඇති බවයි.

පළමු අදියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර දී ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ක් ගතවූ සිසුන්ට පමණි.

එමෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25 ක් පමණක් බැගින් ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කරගන්නා ලෙසද උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *