(ලංකාපුවත් | කොළඹ) – අලුතින් හඳුනා ගැනුනු ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද(29) නිවේදනය කර ඇත.
මේ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි එම සංවිධානය සදහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ එම රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසත් සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කර ගන්නා ලෙසත් ය.