(ලංකාපුවත් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා ආසාදනය වී තිබේ.
රාජිත සේනාරත්න මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදීය.
ඒ අනුව ඔහු නිවසේ නිරෝධායනයට යොමු කර තිබේ. පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරයා ඇසුරු කළ පුද්ගලයින් රැසක්ද නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වේ.