(කොළඹ, ලංකාපුවත්) – 2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසැල් වසා නොතබන බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ පෙරපාසල් දිගු කාලයක් වසා තැබීමට සිදු වූ බැවින් වර්තමානයේ හැකි සෑම අවස්ථාවකම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ඇමතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූලව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් සාමාන්‍ය පරිදි පෙර පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.