(කොළඹ, ලංකාපුවත්) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන 17 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව අයදුම්පත් කැදවීම සදහා ලබාදී තිබු කාලය හෙට(10) සිට ලබන 17වනදා දක්වා දීර්ඝ කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් මත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් වොමු කිරීමට ද හැකියාව තිබේ.
එසේම පාසල් අයදුම්කරුවන් විදුහල්පති වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර අයදුම්පත් යොමු කළ යුතු බව සදහන් වේ. පෞද්ගලික අයදුම්කරුවන් ලබාදී ඇති උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවැරදිව අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.