ජර්මනියේ ඩිජිටල් නෝමැඩ් තානාපති ශ්‍රී ලංකාවට එයි

(කොළඹ, ලංකාපුවත්) – තාක්ෂණ හා සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ජර්මනියේ ඩිජිටල් නොමෑඩ් තාක්ෂණික ව්‍යාපාර තොරතුරු හුවමාරු තානාපති වැඩසටහනක් මෙරට ආරම්භ කෙරේ.

ඒ අනුව ජර්මනියේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය සංවිධාන කල “Nomad4LK“ තරගයේ ජයග්‍රාහක තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටියි.

ඩිජිටල් නොමෑඩ් යනු ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් ඒ ඒ රටවල සිට අන්තර්ජාලය හරහා දුරස්ථව රැකියා කරන ස්වාධින සංචාරකයින් පිරිසකි. මෙවර ඩිජිටල් නොමෑඩ් ජයග්‍රාහකයා ලෙස තේරී පත්වූ Matthew de Caussin ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් මෙරට ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාර අවස්ථා පිළිබද සජීව විස්තර ඩිජිටල් නොමැඩ් ප්‍රජාවවෙත රැගෙනයන තර මෙරට සංචාරය කරන අතර පහසුවෙන් අන්තර් ජාලය හරහා තම ව්‍යාපාර කටයුතු කරගැනීමේ ඇති පහසුවද අනාවරණය කරනු ඇත. එමගින් අන්තර් ජාතික තාක්ෂණික ව්‍යාපාරික ප්‍රජාවට මෙරට සංචාරය කිරීමේ පෙලෙබවීම් ඇතිකරන අතර මෙරට තාක්ෂණ ආයෝජකයන්ට විදේශ වෙළෙදපොල අවස්තා උදාකර දීමට ද හැකිවනු ඇත.

ඒ සදහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) , Hatch Works, enpact සහ Digital Nomad Ambassador තරඟ ජයග්‍රාහකයා වන Matthew de Caussin අතර අවබෝධතා ගිවිසුමක් අත්සන්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

මෙමගින් ලෝකය Digital Nomads ප්‍රජාවවෙත අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දෙන අතර, එක්සත් රාජධානිය පදනම් කරගත් සංචාරක බ්ලොග් අඩවියක් (Blogs) වන Clubmed විසින් ගෝලීය වශයෙන් ඩිජිටල් නෝමැඩ්ස් සඳහා හොඳම රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත. අඩු ජීවන වියදම් සහ අන්තර්ජාලය හරහා දුරස්ථ වැඩකිරීමේ පුළුල් අවකාශයන් සමඟ සංචාරය කිරීමට පහසුකම් ඇති තාක්ෂණික ව්‍යාපාරිකයන් සඳහා වූ දෙවන හොඳම රට ලෙස ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත.

මේසදහා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ‘ඩිජිටල් නෝමැඩ් වීසා’ කාණ්ඩයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි, මනෝරි උනම්බුවේ මහත්මිය ප්‍රකාශ කළේ, “ඩිජිටල් සඳහා සුදුසුම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ කාලෝචිත මුලපිරීමක් වන මෙම ප්‍රථම ඩිජිටල් නෝමැඩ් තානාපති වැඩසටහන ආරම්භ කිරීම ට හැකිවීම පිළිබඳව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආඩම්බර වන බවයි.

මෙය ජර්මනියේ සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණික ආරම්භක පරිසර පද්ධති(startup ecosystems ) අතර සහයෝගීතාව ශක්තිමත් කරන අතරම , ලොව පුරා සිටින ඩිජිටල් නෝමැඩ් සංචාරකයින් සඳහා රටේ නවීන යටිතල පහසුකම් ද ප්‍රදර්ශනය කිරීමට හැකිවේ. එමෙන්ම මෙතෙක් අවධානයට යොමුනොවූ , සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් නව වෙළඳපල අවසතා විවරකර ගනිමටඩ්
හැකිවේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හි( ICTA ) සභාපති ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කළේ “ආරම්භක පරිසර පද්ධතියට,startup ecosystems මෙය විශේෂ අවස්තාවක් වන්නේ එහි වර්ධනයට විශාල රුකුලක් වන නිසයි.ඩිජිටල් නෝ-මැඩ්ස් හා ව්‍යවසායක සංචාරකව්‍යාපාරය ලෝකයේ වර්ධනය වන වෙළඳපොලකී. ශ්‍රී ලංකාවට මෙම නැගී එන වෙළඳපල ප්‍රයෝජනයට ගැනීමට මෙය සුදුසු මොහොතකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ICTA සමඟ මෙම වැදගත් මුලපිරීම සඳහා සම්බන්දවූ න ජර්මනියේ ශ්‍රී
ලංකා තානාපති කාර්යාලයට ත් enpact සහ Hatch. ආයතනවලටත් ස්තූති කිරීමට මෙය අවස්තාවක් කරගනිමි.

Digital Nomad තරඟ ජයග්‍රාහකයා වන Matthew de Caussin ප්‍රකාශ කළේ, “ඩිජිටල් නෝමැඩ් තානාපති වැඩසටහන පෘථිවියේ සුන්දරම ස්ථානයක සිට දුරස්ථව වැඩ කිරීමට කැමති දේ බෙදා ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාවකි. මා දන්නා බොහෝ ව්‍යවසායකයින් එක්කෝ දැනටමත් සංචාරක ජීවිතයක් ගත කරමින් හෝ එසේ කිරීමට ක්‍රියාශීලීව සොයමින් සිටිති. මගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ජීවිතය ගත කිරීමේදී අත්දකින පුදුම සහගත දේ මොනවාදැයි සොයා ගැනීමට මා හා එක්වන ලෙස අනෙකුත් ව්‍යවසායකයින්ට සහ අයට ආරාධනා කරන අතර මා තෝරා ගැනීම ගෞරවයට කරුණක් බවත් ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලන්කන් එයාර් ,SLTMmobitel, ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය දක්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *