SLT-MOBITEL වෙතින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල සිහින බලගැන්වීමට සහ දියුණුවට සුවිශේෂී අත්වැලක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ.

‘බලගන්වමු සිහින – ව්‍යාපාරයට සවිමත් සබැඳියාවක්’ යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර ලෝකයේ වෙනස්කම්වලට හොඳින් අනුගත වෙමින් අඛණ්ඩව දියුණුව කරා යාමට එම ව්‍යාපාරවලට අත්වැලක් වීම ය.

SLT-MOBITEL මේ වනවිට ව්‍යාපාරක්ෂේත්‍රය ඉලක්ක කරගෙන දුරකථන සේවා, අන්තර්ජාල සේවා, ව්‍යාපාරික යෙදවුම්, රූපවාහිනී සේවා හා Cloud තාක්ෂණ විසඳුම් ඇතුළු විසඳුම් හා සේවා රාශියක් හඳුන්වා දී තිබේ. මේ අතරින් Vobox, Voice Unlimited, Biztunes, SLTM Bizchat, SLTM e-Siphala, Business Internet Links, VPN Solutions, Akaza Solutionsසහ PABX Solutions යනාදිය ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ව්‍යාපාර වෙනුවෙන් තවත් විසඳුම් හා සේවා රාශියක් හඳුන්වා දීමට SLT-MOBITEL මේ වනවිට පියවර ගෙන ඇත.

2022 වසර සඳහා SLT-MOBITEL හි තේමාව වන #NoDreamTooBig යන්නට සමගාමීව නව ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට හොඳින්ම ගැළපෙන සම්බන්ධතා සේවා හා උපාංග පිරිනමමින්, එම ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරික සිහින සැබෑ කරගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි.

තවද අදාළ ව්‍යාපාරවල අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කළ විශේෂ පැකේජ එකතුවක් දSLT-MOBITEL ආයතනය විසින් හඳුන්වා දී තිබේ. මාසික ගාස්තු රහිත පැකේජ, මූලික ගාස්තු කපාහැරීම, ඩිජිටල් අලෙවිකරණ දීමනා, සහ තෝරාගත් නිෂ්පාදන හා සේවා සඳහා වට්ටම් පිරිනැමීම වැනි ප්‍රතිලාභ රාශියක් මෙම පැකේජවලට ඇතුළත් ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව උදෙසා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන බව SLT-MOBITEL විශ්වාස කරයි. මෙම ව්‍යාපාරවල කාර්යක්ෂමතාව හා තරගකාරීත්වය තවදුරටත් දියුණු කිරීම සඳහා විශ්වාසනීය හා සුරක්ෂිත සම්බන්ධතා සහ ඩිජිටල් පදනම් අත්‍යවශ්‍ය වේ.
ලෝකයම ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් පවතින අද වැනි යුගයක, කුඩා පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා කාර්යක්ෂම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මෙවලම් අතිශයින් වැදගත් ය. මෙම මෙවලම් සියල්ල එකම සේවා සම්පාදකයෙකු වෙතින් ලබාගත හැකි නම්, එය දඑම ව්‍යාපාරවලට ඉමහත් පහසුවකි. මෙම අවශ්‍යතාව සපුරාලමින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුවේ හවුල්කරුවෙකු බවට පත්වීමේ හැකියාව SLT-MOBITEL සතු ය.

කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මතු වූ අභියෝග ජයගැනීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීමටද SLT-MOBITEL පියවර ගෙන තිබේ. මෙම උත්සාහය යටතේ, අදාළ ව්‍යාපාරවලට තම වෙළඳපොළ පුළුල් කරගනිමින් ආදායම වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා තාක්ෂණය ලබාදීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

මීට අමතරව තම පාරිභෝගිකයන්ට සහය වීම සඳහා පළපුරුදු ඉංජිනේරුවන් ඇතුළු තාක්ෂණික හා ව්‍යාපාර සහය කණ්ඩායම් දිවයින පුරා ස්ථානගත කිරීමටSLT-MOBITEL පියවර ගෙන තිබේ. SLT-MOBITEL සහ පාරිභෝගිකයන් අතර පවතින සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා මෙම කණ්ඩායම් විශාල කාර්යභාරයක් ඉටුකරයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු, SLT-MOBITEL හි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහය සේවා ක්ෂණික ඇමතුම් අංකය වන 0112389389 ඔස්සේ, WhatsApp අංකය වන 0705004000 ඔස්සේ හෝ[email protected] ඊමේල් ලිපිනය ඔස්සේ ලබාගත හැකි අතර,https://bizleads.slt.lkහරහාද විමසීම් යොමුකළ හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *