(කොළඹ, ලංකාපුවත්) –දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ(09) ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ.
සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම අතර එම ගිවිසුම කොළඹ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේ දී අත්සන් තැබුණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජනරාල් දයා රත්නායක, සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න , අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් ද එක් වූහ.