(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 132 දෙනෙකුට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇත.
ඉන් වැඩිම පිරිසක් සැගවී සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීම්වලදී පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් 95,000 ක් පමණ අත්අඅඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ නංවා ඇති අතර තොරතුරු සපයන පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමටද තීරණය කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.