(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතා වැදගත් බව කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
බංග්ලාදේශයේ 51වන ජාතික දින සැමරුම් උත්සවය පසුගියදා කොළඹ දී පැවැති අතර ඊට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවයට විශේෂ ආරාධිතයා ලෙස එක් විය.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක මහතා මෙසේ ද පැවසීය,
“දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ඇති සහයෝගීතාවය අදටත් එලෙසින්ම පවත්වාගෙනයාම සතුටට කරුණක්. සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ආයෝජන, සංචාරක, ව්‍යාපාර, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර තුළින් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ඉතා සමීපව කටයුතු කරනවා. බංගලාදේශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙන් ම රැකියාවල නිරත වන ලාංකිකයන්ට ද විශාල සහයක් බංගලාදේශය ලබා දෙනවා. විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික, සෞඛ්‍ය, පාරිසරික ගැටළුවල දී පවා බංගලාදේශය කළණ මිතුරකුසේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහය කෘතඥතාපූර්වකව සිහිපත් කරනවා. මේ වන විට ලාංකික ආයෝජකයින් 100 කට අධික පිරිසක් බංගලාදේශයේ ආයෝජන කටයුතු වල නිරත වෙනවා. වර්තමානයේ දෙරට අතර සිදුවන ද්වීපාර්ශවික වෙළෙද ගනුදෙනුවල සීඝ්‍ර වර්ධනයක් ඇතිවී තිබෙනවා. මේ තත්වය අප රටවල් දෙකටම ඉතාමත් වාසිදායකයි.” යැයි පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වූහ.