(කොළඹ, ලංකාපුවත්) – මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට මිරිහාන පොලීසියේ රඳවා සිටින අතර ඔවුන් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත.
පොලිසිය පවසන්නේ මේ විරෝධතාව අතර යුද හමුදා බස් රථයකට, ජීප් රථයකට, ත්‍රී රෝද රථ කිිහපයකට හා යතුරු පැදි කිහිපයකට ගිනි තබා ඇති බවයි.
මෙම විරෝධතාව අතරතුර පුද්ගලයන් 10 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනකු ද ඒ අතර සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.